වෘත්තීය ක්ෂේත්‍ර 14 ක රැකියා සදහා ජපන් රජය සමග 2019 දී ඇති කර ගත් ගිවිසුමත් සමග විශාල ශ්‍රම බලකායක් ජපානයට යැවීමේ අවස්ථාව ශ්‍රී ලංකාවටද උදා විය. ඒ අනුව දැන් ඔබටම අවස්ථාවක් තියෙනවා මේ මගින් ජපානයේ ස්ථිර රැකියාවක් ලබාගන්න.
වෙනත් රටවල් වල අයවගේ ජපානයේ ස්ථිර රැකියාවක් ලබාගැනීමට ඔබටත් පුළුවන්, අවම සුදුසුකම් දෙකක් සපුරාගෙන ජපානයේ ස්ථිර රැකියා ලබාගන්න. ඒ සදහා අවශ්‍ය වන සුදුසුකම ජපන් භාෂා දැනුම හා වෘත්තීය සුදුසුකම පමණයි.
මේ සදහා ඔබ ජපන් භාෂා විභාගය වන N4 මට්ටම JLPT ජපන් භාෂා ප්‍රවීණතා විභාගය JFT විභාගය සමත් කර ගන්න.
දෙවෙනුව ඔබ යාමට බලාපොරොත්තු රැකියාවට අදාලව පැවැත්වෙන විභාගය ද සමත් කරගන්න.
ඒ අනුව මේ යටතේ රැකියා ක්ෂේත්‍ර 13 ක් සදහා ශ්‍රමිකයන් වශයෙන් යන්න පුළුවන්.
නවාතැන්සේවා හා ආහාර සේවා කර්මාන්තය යන ක්ෂේත්‍ර 14 ඔස්සේ ශ්‍රමිකයන් වශයෙන් යන්න පුළුවන්.
මේ ක්ෂේත්‍ර 14ට යන්න ඊට අවශ්‍ය වෘත්තීය දැනුමෙන් ඔබ සිටිය යුතුයි. ඒ වගේම ඒ ඒ ක්ෂේත්රයට අවශ්‍ය වන ප්‍රමාණයට ඔබ ජපන් භාෂාව පිළිබද ප්‍රවීනතාවය ලබාගැනීමට අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ සදහා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් ලැබීම ඉතාම අත්‍යවශ්‍ය මේ සදහා ඔබට පුළුවන් Winka Global Institute ආයතනය සමඟ සම්බන්ධ වී ඔබගේ අවශ්‍යතාවයට අනුව ජපන් විභාගය සමත් කරගන්න සහ අවශ්‍ය වෘත්තීය සුදුසුකම හදාගෙන විභාගය සමත් වෙන්න.
දැනට ජපානයේ ස්ථිර රැකියාවක් ලබා ගත හැකි අවස්ථා. ක්ෂේත්‍ර 14 කට රැකියා අවස්ථා ජපානයේ තිබුනත් දැනට ලංකාව තුලින් රැකියාවන් සදහා යාමට හැකිවන්නේ ක්ෂේත්‍ර දෙකක් තුලින් පමණයි. ඒ වැඩිහිටි නිවාස සත්තු සේවා හෙද රැකවරණය හා ආහාර පාන නිෂ්පාදන අංශය සදහා පමණයි. එම නිසා මේ මගින් ඔබට ජපානයේ ස්ථිර රැකියාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් හැකි ඉක්මනින් Winka Global Institute ආයතනය සමග සම්බන්ධ වන්න..
ඔබ ජපානයේ රැකියාවක් සදහා SSW වීසා යටතේ ස්ථිර රැකියාවක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම ඉහත සදහන් විභාග දෙක සමත් වියයුතුයි. එම නිසා ඔබ Winka Global Institute ආයතනය සමග සම්බන්ධ වීමෙන් ඔබට එය සිදුකර ගැනීම පහසුවනු ඇත.
SSW Visa යටතේ රැකියාවක් ලබා ගන්නා ඔබට ලැබෙන ප්‍රතිලාභය වන්නේ වරින්වර අලුත්වන Visa එක සමග අවුරුදු 5 ක ස්ථිර රැකියාවක් ලැබෙන අතර ජපන් ජාතිකයෙකුට ලැබෙන මාසික වැටුපට සමානව වැටුපක් ලැබෙන හා වරප්ප්‍රසාද ද ලැබෙනු ඇත. අවුරුදු 5 අවසානයේ ඔබට ජපානයේ පදිංචිය සදහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව උදාවේ.
ඊට අමතරව අපගේ නියෝජිත ආයතනය සමග රැකියා කාලසීමාව තුල ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ සමග සිටිනු ඇත.
JFT ජපන් භාෂා ප්රවීනතා විභාගය සහ වෘත්තීය ප්රවීනතා විභාග සදහා සම්බන්ධ වන්නේ කෙසේද ?
Winka Global Institute ආයතනය සමග සම්බන්ධ වන අය මෙම විභාග සදහා අපගේ ආයතනය මගින්ම යොමු කරවන අතර මේ සදහා කිසිදු මුදලක් අය නොකරනු ඇත.
මෙම විභාග සදහා ඔබට තනිවම ඉල්ලුම් කර සම්බන්ධ වීමේ හැකියාව ඇත. ඒ සදහා පහත සදහන් විස්තරය බලන්න.
මෙම විභාග සමත්වන හා සමත්වී සිටින රැකියා සොයන්නන් සදහා Winka Global Institute ආයතනය මගින් රැකියා සොයාදෙන අතර ඒ සදහා දැන්ම ලියාපදිංචි වන්න.
මේ වන විට ජපානය වෙත නුපුහුණු සේවකයින් ලෙස (Traening visa) ජපානය වෙත ගොස් පුහුණුව ලබා නැවත ලංකාවට පැමිණ තිබෙන අය සදහා නැවත ස්ථිර රැකියා අවස්ථා ලබා දීමේ පිළිවෙලක් Winka Global Institute ආයතනයේ ක්‍රියාත්මකවේ. එම නිසා පුහුණුව අවසන් කර පැමිණ ඇති අය Winka Global Institute ආයතනයට කතා කර විස්තර දැනගන්න.
දැනට ශ්‍රී ලංකාවේ තුල පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන විභාග වන JFT ජපන් භාෂා ප්රවීනතා විභාගය සදහා වෘත්තීය සුදුසුකම් මැනීමේ විභාග දෙක සදහා online හරහා ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇත. ඒ පිළිබඳ මෙම ලින්ක් එක භාවිතා කිරිමෙන් විස්තර ලබා ගත හැක.